තරින්ද රත්වත්තේට ඇප

රාජ්‍ය බුද්ධි සේවයේ නියුතු පොලිස් නිලධාරියකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තරින්ද  රත්වත්තේ මහතා අද ඇප මත මුදා හැර තිබේ.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු මුදා හරින ලද්දේ රුපියල් ලක්ෂ 2ක් බැගින් වූ පෞද්ගලික ඇප දෙකක් මතයි.
පසුගිය 11 වැනිදා තුම්මුල්ලේ දී මෙලෙස අනතුරට ලක්ව මියගොස් තිබුණේ පසුගිය දා කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ හැත්තෑ නමයක් වෛද්‍යවරයෙකු විසින් කොල්ල කෑමේ සිද්ධිය අනාවරණය කර ගනිමින් එම සැකකරු අල්ලාගත් රාජ්‍ය බුද්ධි සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු වූ  සිතුම් අලහප්පෙරුම මහතාය.
මිය යන විට ඔහු විසි දෙහැවිරිදි වියේ පසු විය.
අනතුරින් තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරියා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
අනතුරට ලක් කළ ලක්කළ ඩිෆෙන්ඩර් රථය පදවා තිබුණේ තරින්ද රත්වත්තේ මහතා වන අතර ඔහු කොළඹ නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යයකු බව සඳහන් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුර සිදුවන විට රිය පැද වූ තරින්ද රත්වත්තේ මහතා මත්පැන් පානය කොට සිටි බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණ.

Exit mobile version