තමිල්නාඩු සරණාගත කඳවුරක දී වව්නියාවෙන් ගිය සරණාගතයෙක් කපා කොටා මරා දමලා…..

ත්‍රී රෝද රථයක් සම්බන්ධව   ඇති වූ බහින්බස් වීමක් නිසා වවුනියාවේ දෙමළ වැසියෙකුව තමිල්නාඩුවේ සරණාගත කදවුරකදී ඊයේ (15)   කපා කොටා ඝාතනය කොට තිබේ.

එස්.රාමචන්ද්රන් නැමති මොහු 1990 වසරේදී ඉන්දියාවට ගොස් සරණාගතයෙකු වශයෙන් ජීවත් වී ඇති අතර ඔහු සිය වෘත්තිය වශයෙන්   චිත්‍ර ශිල්පය තෝරාගෙන තිබේ.

සිය ඥාතියෙකුට අයත් ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඔහුව ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පිරිසක් එක්ව කපා කොටා ඝාතනය කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තමිල්නාඩූ පොලීසිය මේ සම්බන්ධයෙන් සැකපිට හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි


Exit mobile version