තමන්ව ඝාතනය කිරීමට තැත්කළ නඩුවට සාක්ෂි දීමට දැඩි පොලිස් ආරක්ෂාව විනිසුරු ඉලන්චෙලියන් යාපනය අධිකරණයට එයි!

ඉලන්චේලියන් විනිසුරුවරයා දැඩි ආරක්ෂාව මැද අධිකරණයට පැමිණි අයුරු...

දිනසේන රතුගමගේ –

වවුනියාව මහාධිකරණ විනිසුරුවරයාව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාගවන නඩුවේ ප්‍රධාන සාක්කිය ලබා  දීම පිණිස වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන්  දැඩි ආරක්ෂාව යටතේ ඊයේ (25) දා යාපනය මහාධිකරණය වෙත පැමිණියේය.

මානික්කවාසගම් විනිසුරුවරයාට පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේද ආරක්ෂාව සලසා දී තිබුණි.

නඩු විභාගයට වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා පැමිණීමට පෙර සිටම යුද හමුදා නිලධාරීන්ද අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ ආරක්ෂාවක් සලසා තිබුණි.

2017-07-22 වෙනි දින එවකට යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ මානික්කවාසගම් ඉලන්චෙලියන්   අධිකරණ කටයුතු හමාර වී සිය මෝටර් රථයෙන් පොලිස් ආරක්ෂාව මැද නිල නිවස වෙත යමින් සිටියදී පිස්තෝලයක් රැගෙන පැමිණි පුද්ගලයෙකු විනිසුරුවරයාට වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේදී විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් වරයා වෙඩි ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කළේය. එහිදී සරයන්වරයා වෙඩි ප්රහාරයට ලක්ව මිය ගියේය.


හලාවත ප්‍රදේශයේ පදිංචි හේමචන්ද්‍ර නැමති එම පොලිස් සරයන්වරයාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාව පිස්තෝලය සමග පසුව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් අතර එම ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වන නඩුවට අදාලව සාක්කි දීම සඳහා  දැනට වවුනියාව මහාධිකාරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරන මානික්කවාසගම් ඉලන්චෙලියන් පැමිණ සිටියේය.

මෙහිදී සාක්කි දෙමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කලේ යාපනයේ නල්ලූර් කෝවිලට ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදු වූ බවයි. කෝවිල් පරිශ්‍රය පුද්ගලයින්ට වෙඩි තැබීම සදහා  යොදා ගැනීමට තරම් අපරාධකරුවන් සහැසිවීම ගැන තමා කණගාටුවන බව කී මානික්කවාසගම් මහාධිකරණ විනිසුරුවරයා එදින සිදු වූ වෙඩි තැබීම සිදු වූ ආකාරය පැයක පමණ කාලයක් විස්තර කළේය.

මෙම නඩුව යාපනය මහාධිකරණයේදී තව දුරටත් විභාග වෙමින් පවතී. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විනිසුරුවරයා ඉලක්ක කරගෙන තැබූ වෙඩි පහරින් මියගිය සැරයන් හේමචන්ද්‍රගේ    පවුලේ සියලු කටයුතු  මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන්   විසින් බාර ගෙන ඔවුන්ට නව නිවසක්ද ඉදි කොට දී දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවද නිරන්තරයෙන්ම   සොයා බැලීම විශේෂ සිද්ධියකි.

Exit mobile version