තත්වයෙන් බාල මාරක නිර්වින්ද එන්නත් ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කරයි….

ශ්‍රියානි විජේසිංහ –                                            

මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක්  නොමැති තත්වයෙන් බාල නිර්වින්දන එන්නත්  ලක්ෂයක් ප්‍රමාණයක් රෝගීන්ට නිකුත් කළ බව වෛද්‍ය සැපයුම් අංශය පිළිගෙන ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි..

ඉන්දියාවෙන් ආනයන කළ මෙම ඖෂධ රෝගීන්ට ලබා දීමෙන් පසුව විවිධ සංකූලතාවන් මතුවීම හේතුවෙන් පසුගියදා  භාවිතයෙන් ඉවත් කළේය.

රෝහල් පහක පමණ මෙම එන්නත භාවිත කිරීමෙන් පසුව රෝගීන් යම් යම් සංකූලතාවන් මතු වූ බැවින් ඒ පිලිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය තුළ පර්යේෂණයන් කරන ලද බවත්, එහි ප්‍රතිඵල ලෙස   මෙම ඖෂධය භාවිතයට නුසුදුසු බව තහවුරු බවත් වාර්තා වේ. 

ඖෂධ නියාමන අධිකාරිය වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්වරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ  මෙම ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධයක් නොවන බවය.


වහාම එම එන්නත් ඖෂධ ඛාණ්ඩ භාවිතයෙන් ඉවත් කළ යුතු බව  දන්වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම දැනුම් දීමෙන් අනතුරුව එන්නත භාවිතා කිරීමේ ප්‍රතිවිපාකවලට වෛද්‍ය සැපයුම් අංශය  විසින් බාරගත යුතු බව ලිඛිතව දන්වා තිබේ.

එමෙන්ම  දින 28ක් ඇතුළත මෙම ඖෂධය නිශ්පාදනය කළ සමාගමින් කරුණු  විමසිය  යුතු බවත් එම ලිපියෙන් දැනුම් දි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දැනුම්දීමෙන් අනතුරුව  මෙම ඖෂධය  භාවිතයෙන් ඉවත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.

 

Exit mobile version