තංගල්ල මැදිකැටියේ හෝටලයක් තුළ තරුණ පෙම් යුවලක් සිය දිවි නසා ගනී. තරුණියට අවුරුදු 17යි… තරුණයාට 20යි..

suicide

සූරියවැව නුවන් ජයසේකර –

තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් තුළදී පෙම්වතුන් දෙදෙනෙකු ගෙළ වළලාගෙන අද (23) අළුයම මියගොස් ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට,මානජ්ජාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ජයවර්ධන ආරච්චිගේ දුමීෂා ඕෂධි නැමති අය හා ඇයගේ පෙම්වතා බව කියන තංගල්ල දංකැටිය පදිංචි 20 හැවිරිදි රාමයියා අජිත් කුමාර නැමති අයයි.

මෙම තරුණ පෙම්වතුන් යුවල ඊයේ අළුයම 3.45ට පමණ මෙම හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරය අසලදී දෙදෙනාම එක පුටුවක් උඩ නැග ගෙලවැළලාගෙන සියදිවි නසාගෙන ඇති බව මුලික පොලිස් පිරික්ෂණ වලදි අනාවරණය වී ඇත.

සිද්ධිය පිළීබදව සිදුකළ මුලික පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ මියගිය තරුණයා තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන අයෙකු බවත්, ඔහු ඊයේ (23) අළුයම 12.30ට පමණ අම්බලන්තොට මානාජ්ජාව පිහිටි සිය පෙම්වතියගේ නිවසට ගොස් ඇය ත්‍රී රෝද රථයකින් අම්බලන්තොටට රැගෙනවිත් එදින රාත්‍රියේ තංගල්ල මැදකැටිය පිහිටි හෝටලයක නවාතැන් ගෙන ඇති බවත්ය.


පසුව අළුයම දෙදෙනාම එකට සියදිවි නසාගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පලිළිබදව තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.

 

Exit mobile version