ණය ගැන අගමැති චීනෙත් එක්ක කළ කතා ධනාත්මකයි

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට පෙර සිට ම කෙටි කාලීන වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන රජය එකඟ නොවේ යැයි මතයක් පළ වුව ද චීනය සමඟ කළ සාකච්ඡා ධනාත්මක බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ රැස්වීමේදී පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අයිඑම්එෆ් නොගොස් සම්පූර්ණ ණය ආධාර මුදලම චීනයෙන් ලබා ගන්නට රහස්‍ය සාකච්ඡාවක් සිදු කළාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විශේෂ සබැඳියාවක් තිබෙන චීනය අයි.එම්.එෆ් තීන්දු තීරණවලට එරෙහි නොවන බවත් ණය ප්‍රතිව්‍යුගහගත කිරීමට චීනයේ මැලිකමක් තිබුණත් ශ්‍රී ලංකාවට සහය දීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවත් මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේය.


අපේ රටේ ආර්ථික සංවර්ධනය කරන මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපති හා මහා භාණ්ඩාගාර ලේකම් ජනාධිපතිවරයා විසින් මෑතකදී අලුතින්ම පත් කළා=. මේ රටේ තියෙන විදේශ විනිමය අර්බුදයට පිළිතුරක් හොයාගෙන ඔවුන් අයිඑම්එෆ් සමඟ ඇමරිකාවට ගිහින් සාකච්ඡා කළා. අයිඑම්එෆ් සමඟ විතරක් නෙමයි ලෝක බැංකුව, ආසියානු බැංකුව, ඇතුළු ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන ගණනාවක් එක්ක ඔවුන් සාකච්ඡා කළා ලංකාවට ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගැන සාකච්ඡා කෙරුණේ අයිඑම්එෆ් යන්නටත් කලින්.. ලෝකයේ චීන ආධාරවලින් කටයුතු කෙරෙන වෙනත් රටවල් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීම්වලට යන්න චීනයේ වැඩි කැමැත්තක් තිබ්බේ නෑ. මේ හේතුව මත තමයි මෙවැනි මතයක් රටේ පැතිරුණේ.. ඒත් චීන අගමැති හා අපේ අගමැති එක්ව කරපු සාකච්ඡා සියල්ල ධනාත්මකයි.

ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ ණය ලබා දීමේ කාලය අවසන් වුණත් යළි ණය ආධාර දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Exit mobile version