ණයේ හිලව්වට ලැබුණ  Prednisolone දියරය   නුසුදු බව තහවුරු වුනොත් රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සෑහෙන කාලයකට නවතීවි… ඊට ආදේශයක් වෛද්‍ය සැපයුම් අංශයේ නෑ…

eye_surgery_

ශ්‍රියානි විජේසිංහ –                                                

අක්ෂි සැත්කමකින් අනතුරුව භාවිත කරන Prednisolone    දියරය වෙනුවට වෙනත් ආදේශකයක් රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ නැතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සඳහන් කරයි.

අක්ෂි සැත්කම් කළ රෝගීන් භාවිත කල  Prednisolone    අක්ෂි දියරය පිලිබඳව ඇතිව තිබෙන සැකයක් හේතුවෙන් එය භාවිතයෙන්  තාවකාලිකව ඉවත්  කර ජාතික ඖෂධ අධිකාරියේ රසායනාගාර පරික්ෂාවන්ට යොමුකර ඇති බැවින් එහි වාර්තාව ලැබෙන තෙක් මෙය භාවිතයෙන් ඉවත් කර ඇතැයි හෙතෙම පැවසුවේය.

කෙසේ නමුත් මෙහි වාර්තාව ලැබෙන තෙක්  Prednisolone     දියරය වෙනුවට භාවිත කළ හැකි දියරයක් නොමැති වීම  හා   මෙවැනි අවස්ථාවක් පැන නැගුණ විට ඉක්මනින් ඖෂධයක් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති පසුබිමක බවත් ඉන්  රෝගීන් අපහසුවට පත්වන බවත් අධ්‍යක්ෂවයරයා පෙන්වාදේ.

මෙම දියරයේ කිසිදු වරදක් නොමැති බව  පරික්ෂණයන්ගෙන් හෙලි වුවහොත් එය නැවත භාවිතයට ගැනීමට හැකියාවක් ඇති නමුත් මේ වෙනුවට ආද්ශකයක් ගෙන්වා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අංශයේ අවධානය යොමුව ඇතැයි ද වෛද්‍ය වික්‍රමනායක  පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පේරාදෙණිය කාන්තාවක් මිය යෑම හා ඇයගේ සිසේරියන් සැත්කමේදී භාවිත කළ ඖෂධය පිලිබඳ සිදුකල පරික්ෂණයන් සම්බන්ධයෙන් ලංකාසර වෛද්‍ය වික්‍රමනායකගෙන් විමසු කළ ඔහු  සදහන්  කළේ ඒ පිලිබද පරික්ෂණයන්ද තවදුරටත් ජාතික ඖෂධ තත්ත්වපාලන රසායනාගාරය තුළ සිදුකරමින් පවතින බවය.  

Exit mobile version