ඩොලර් හිඟය ඩෙංගු පරීක්ෂණවලටත් බලපායි

ඩෙංගු රෝගය පහසුවෙන් හඳුනා ගැනීම සඳහා සිදුකරන NH1 පරීක්ෂණය හෙවත් ක්ෂණික ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටලවල දැඩි හිඟයක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මේ දිනවල මෙරට තුළ ඩෙංගු අවදානම ඉතාම ඉහල මට්ටමක තව තැන පසුබිමක මෙම කට්ටල ගෙන් වීම ප්‍රමාද වීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් මතුව තිබේ.

රාජ්‍ය අංශයේ සිදු කරන ඩෙංගු පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කිරීමට මේ හේතුවෙන් කටයුතු කර ඇත.


පෞද්ගලික අංශයේත් පාලන මිල ඉවත් කිරීම නිසා මෙම පරීක්ෂණ සඳහා ද අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමීම සිදුකරන තත්ත්වයක් මතුව තිබේ.

මෙම පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල පාලන මිල පැවතියේ රුපියල් 1200කට ය.

අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ රැසක හිඟයක් සම්බන්ධයෙන් රට පුරා තිබෙන දිස්ත්‍රික් සහ මහ රෝහල් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට දන්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් තම සැපයුම්කරුවන්ට මෙම අඩුපාඩු පිළිබඳව දන්වා ඇතත් පවතින ඩොලර් හිඟය හේතුවෙන් අදාළ ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා මෙම පරීක්ෂණ කඩල ලබා ගැනීම ප්‍රමාද වී ඇත.

Exit mobile version