ඩොලර් සොයා දෙන්න රටේ ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍යයයි – ගෝලීය දෙමළ සංසදය…

සුරේන් සුරන්දිරන්

රටේ ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා දීම සඳහා ව්‍යවස්ථාමය වෙනසක් සිදුවිය යුතු බව ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් පවසයි.

ලන්ඩනයේ සිට හිරු මාධ්‍ය ජාලය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමට සූදානම් නමුත් ඉන් පෙර යහපාලන රජය සමයේ සකසක් කළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු බවට ඔහු යෝජනා කරයි.

පසුගිය රජය විසින් මෙරට ක්‍රියාකාරිත්වය තහනම් කරන ලද ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන හයක් සහ පුද්ගලයින් 316ක ගේ තහනම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වූ පසු ඉවත් කරනු ලැබුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවේ විවෘත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

Exit mobile version