ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

රටේ විදේශ සංචිත හානි වීමට දැඩි බලපෑමක් එල්ල කළ තීන්දුව වූ  විනිමය අනුපාතය ස්ථාවරව තබා ගත යුතු බවට වූ ස්ථාවරයේ රජය දිගටම කටයුතු කළ බවත් මුදල් මණ්ඩලයේදී අදාළ ස්ථාවරයට එරෙහිව තමන් ඇතුළු දෙදෙනකු පමණක් විරුද්ධව අදහස් දැක්වුවද මුදල් මණ්ඩලයේ බහුතර තීරණය ක්‍රියාත්මක වූ බවත් මුදල් මණ්ඩලයේ සාමාජිකාවක වන ආචාර්ය රාණි ජයමහ   පසුගියදා කෝප් කමිටුව ඉදිරියේ අනාවරණය කළාය.

ඇය මේ බව සඳහන් කළේ මහ බැංකුවේ නිලධාරීන් පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

මහ බැංකුවේ දීර්ඝ කාලයක් සේවය කොට නියෝජ්‍ය අධිපතිනියක ලෙසින් විශ්‍රාම ගිය ආචාර්ය ජයමහ   පසුව මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කළාය. 2020 වසරේ ජූනි මාසයේ සිට මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වූ ඇය කෝප් කමිටුව හමුවේ තවදුරටත් සඳහන් කළේ ඒ කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන ස්ථාවරයක සිටි ආකාරයෙන්ම විනිමය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අනුපාතිකයද ඉහළ පහළ යා නොදී ස්ථාවර මට්ටමක රැක ගත යුතුය යන අදහසක රජය කටයුතු කළ බවය.

කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දුන් ආචාර්ය රාණි ජයමහ මහත්මිය මෙසේ පැවසුවාය.


“රජය හිටියේ විනිමය හුවමාරු අනුපාතය ස්ථාවරව තබා ගත යුතුය යන මතයේ. එවිට රජයේ ණය අනුපාතිකයන් එච්චර නරක විදිහට පේන්නේ නෑ, ගෙවන්න තියන ණය වැඩි වීමක් වෙන්නේ නෑ කියන මතයේ තමයි හිටියේ. අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නෑ කියන මතය වගේම   මතයක රජය හිටියේ.“

නමුත් මූල්‍ය මණ්ඩල සාමාජිකයන් ලෙස මමත් සංජීව ජයවර්ධනත් මේකට විරුද්ධ වුණා. මහ බැංකුවේ නිලධාරීන් මණ්ඩලය කියල කිව්වම මේ අනුපාතිකය තියාගන්න කියල අපි කිව්ව මේක හරියන්නේ නෑ කියල. මහ බංකුව සංචිත දාල මේ විනිමය අනුපාතය ආරක්ෂා කිරීම අනවශ්‍ය දෙයක් කියන මතයේම අපි හිටියා. නමුත් මූල්‍ය මණ්ඩලයේ රැස්වීම්වලදි ඒ රැස්වීම් සටහන්වල අපි කියපුවා තිබෙනවා.

අපි කිව්වේ අඩුම වශයෙන් රුපියල් 10කින්වත් වැඩි කරන්න. නැතිනම් රටේ සංචිත නාස්ති වෙනවා කියලා…. එහෙමයි අපි කිව්වෙ. නමුත් මුදල් මණ්ඩලයේ ගණ පූර්ණයක් තිබුණා. මුදල් මණ්ඩලයේ පස් දෙනාගෙන් තිදෙනෙක්ම හිටියේ රජයේ මතය පැත්තේ. එවකට සිටි මහ බංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, සමන්ත කුමාරසිංහ සහ මුදල් අමත්‍යංශ ලේකම් ඒ තිදෙනා“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය එහිදී සඳහන් කළාය.

 

Exit mobile version