ඩොලර් මිලියන 400 ගෙවන්න වැඩිපුරත් මාස 03ක් දුන්නා… ඊට වඩා අපහසුයි…

ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසයි.

මාස තුනක් සඳහා ඉන්දීය මහ බැංකුවෙන් ලංකාවට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලිය 400ක මූල්‍ය පහසුකම තව දුරටත් දීර්ඝ කිරීමට නම් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා විධිමත්ව සාකච්ඡා කර තීරණය කළ යුතු බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

පසුගිය ජූලි මස 24 වැනිදා එම මූල්‍ය පහසුකම ලබා දුන්නේ මාස තුනකට වුව ද ශ්‍රී  ලංකා රජයේ ඉල්ලීම මත තවත් මාස 03ක කාලයක් ඒ මුදල පියවීම සඳහා ලබා දුන් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම හුවමාරු පහසුකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින්   2020 ජූලි 31 වන දින ආරම්භක මාස තුනක කාලයක් සඳහා ලබා ගන්නා ගෙන තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉල්ලීම මත තවත් මාස තුනක් එය පියවීමට ලබා දී තිබුණු බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.


එම මුදල ආපසු ගෙවීමට  2021 පෙබරවාරි 1 වනදා දක්වා මාස තුනක කාලයක්  ලබා දී තිබුණත් එය  තවදුරටත් දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් සාර්ථකව සාකච්ඡා කිරීම අවශ්‍ය බව ඉන්දියාවේ අදහස බව ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලය කියයි.

ශ්‍රී ලංකා   මහ බැංකුව විසින් ඉන්දියානු සංචිත බැංකුව සමඟ හුවමාරු කිරීමේ පහසුකම 2021 පෙබරවාරි 5 වන නියමිත පරිදි පියවා සමථයකට පත් කළ බවත්   ඉන්දියාව සිය ජාත්‍යන්තර හා ද්විපාර්ශ්වික බැඳීම් සියල්ලම නිසි රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් අනුගමනය කරමින් රකින බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසා තිබිණි. .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ වරායේ නැගෙනහිර   පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා   2019 දී  ඇතිකරගත් එකඟතාවය බිඳ දැමීම පිලිබඳව පසුගිය අඟහරුවාදා ඉන්දියාව   සිය අප්‍රසාදය විධිමත් ලෙස ප්‍රකාශ කළේය.

Exit mobile version