“ඩොලර් දුන්නොත් තෙල් දෙන්නම්…“  බලශක්ති ඇමති විදුලි බල ඇමතිට කියයි!

විදුලිබල මණ්ඩලයට ඩොලර් සෙවීමේ දුෂ්කර කාර්යය   භාර ගන්න බෑ! අර්බුදය කෙළවරටම යන ලකුණු...

විදුලිබල මණ්ඩලයට ඉන්ධන අවශ්‍ය නම් ඩොලර්වලින් ගෙවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10)  යුගදනවි ගිවිසුම සම්බන්ධව ගොනුකළ පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඇමතිවරයා කීවේ මෙසේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ විදුලිබල මණ්ඩලය ඩොලර් දුන්නොත් තෙල් ගෙනත් දෙන්න පුලුවන්. අපිත් ඉන්නෙ අභියෝගයක. ඒ ඉන්න අතරේ විදුලිබල මණ්ඩලයටත් ඩොලර් සෙවීමේ දුෂ්කර කාර්යය නම් අපට භාරගන්න  බෑ.“ ඇමතිවරයා කීවේය.

Exit mobile version