ඩොලර් ගස් හොල්ලන්න දයාසිරි ලක්සල රට යවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය අත්කම් කලා නිර්මාණ සන්නාමය වන ලක්සල බලයලත් අලෙවි ආයතන දෙසීයක් පමණ ආරම්භ කිරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇතැයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාසරට පැවසීය.

ඒ අනුව මේ වන විටත් ලන්ඩනයේ සහ අමෙරිකාවේ ෆ්ලොරිඩාහි එවැනි බලයලත් නියෝජිත ආයතන ආරම්භ කර ඇති බවත් සඳහන්‌ කළ අමාත්‍යවරයා දැනට පවතින ඉල්ලුම් අනුව ජපානය, ඩුබායි, කැනඩාව, චීනය, රුසියාව, යුක්‍රේනය වැනි රටවල මෙම ලක්සල ආයතන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී තවදුරටත් මේ පිළිබඳ විස්තර දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ “ලක්සල අපි ලෝකයට ගෙනියනවා. නමුත් ආණ්ඩුවේ සතයක් වත් සතයක්වත් පත් වියදම් නොකර කරන්නේ දැනට අපට කළ සන්නාමය සහිත ලක්සල අලෙවිසැල්‌ බලයලත් නියෝජිතායතනලෙස ආරම්භ කිරීමට විදේශගතව සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ඉල්ලීම් කර තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් අනුව අප මේ අවස්ථාවේදී බලයලත් නියෝජිත ආයතන ඔවුන්ට ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. අපි මේ එක් ආයතනයක් සඳහා ඇමරිකානු ඩොලර් පන්දාහක් ඔහුගෙන් අය කරනවා. ඒ ආකාරයට අපි මෙම සන්නාමය ඔවුන්ට ලබාදීම වෙනුවෙන් ඩොලර් 5000 කුත් කුත් දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් දේශීය කලාකරුවන් සහ කර්මාන්තකරුවන්ගේ නිර්මාණය අලෙවිසැල් වල විකිණීමට අවශ්‍ය පහසුකම සැලසීමට අපි කටයුතු කරනවා. එමගින් අපේ දේශීය කර්මාන්ත කරුවන්ගේ වෙළෙඳපොළ ඉතා විශාල ලෙස පුළුල් වෙනවා. මේ වනවිටත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන එවැනි අලෙවිසැල් සඳහා දේශීය කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඇණවුම් කර තිබෙනවා.
එයින් අපට නිසැකවම මෙම විදේශ විනිමය අර්බුදයට යම් විසඳුමක් ලබා දිය හැකි බවට විශ්වාස කරනවා. ” යැයි ද හෙතෙම කීය.


Exit mobile version