ඩොලරයේ අගය පහළට යනවා.. අඩුවක් නැතිව අවුරුදු කන්න  පුලුවන්…! – වෙළෙඳ ඇමති…

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය  ක්‍රියාත්මක වීමෙන්  පසු රට ගොඩ යන අයුරු  බන්දුල  කියයි...

Bandula-G

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලරයේ අගය විශාල ලෙස පහළ යනු ඇති බවත්  වත්මන් ගැටලු රැසක් විසඳෙනු ඇති බවත්  වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

අද (19) කොළඹ දී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මේසේ ද කීවේය.

“ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අපි අත්සන් කළා. ප්‍රථමයෙන් ලබන්නා වූ සතිය තුළ සිරවී තිබෙන ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සියලුම තොග මුදා හැරීම සඳහා අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.“


“සතියක් දෙකක් ඇතුළත දී සිංහල දෙමළ අවුරුදු සමයේ දී කිසිදු භාණ්ඩයක, බෙහෙත් හේත්වල හිඟයකින් තොරව ලබා දීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය භාවිතා කිරීම සඳහා විනිවිද පෙනෙන ආකාරයෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඩොලරය සඳහාවන ඉල්ලුම ඉදිරි මාස කීපය තුළ දී විශාල ලෙස පහත වැටෙයි කියලා.  ඒකට හේතුව තමයි ඇමරිකානු ඩොලර් බිලියනකට තිබුණු ඉල්ලුම අඩු වෙනවා මේ ණය යෝජනා ක්‍රමය යටතේ.“

 

 

Exit mobile version