ඩොවෝන් 5 ධීවර යාත්රාවේ ඇති ධීවරයින්ගේ සිරුරු මේ විට ගොඩබිමට රැගෙන එමින් ඇතැයි වාර්තා වේ. පසුගිය 29 දා සිට යාත්රාවේ මළ සිරුරු 04ක් පවතින අතර මේ වනවිට එම යාත්රාව ද කාර්මික දෝෂයකට ලක් වී තිබේ. එබැවින් යාත්රාව නැවත ගොඩබිමට ගෙන ඒම අසීරු කාර්යයක් වී තිබේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසන්නේ මේ වනවිට ඩෙවොන් 5 ධීවර යාත්රාව ඇදගෙන දිවයින වෙත රැගෙන එමින් ඇති බවය.
ඔහු අද සවස පැවසුවේ තවදුරටත් මෙම ධීවර යාත්රාව ගොඩබිම සිට නාවික සැතපුම් 200කට ඈත මුහුදේ තිබෙන බවය. වෙනත් යාත්රාවකින් ඇදගෙන එන නිසා යාත්රාව ගොඩබිමට පැමිණීමට තව දින 02කට ආසන්න කාලයක් ගත වනු ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
ඒ අතර අද නාවික හමුදාවේ විජයබාහු නෞකාවෙන් රැගෙන පැමිණි මිය ගිය ධීවරයාගේ සිරුර තංගල්ල මහ රෝහලට භාර දී ඇති අතර එම සිරුරේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
ජීවිතය ගලවා ගත් ධීවරයාගේ තත්ත්වය අවදානමින් මිදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි
දැනට හම්බන්තොට මහ රෝහලේ ප්රතිකාර ලබනා ධීවරයා අද පස්වරුවේ පොලිසියට ප්රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ මුහුදේ පාවී ආ බෝතලයෙන් තමා ඉතා ස්වල්පයක් පානය කළ බවය.බෝතලයේ තබූ දියරය පානය කිරීමෙන් පසු හිස් බෝතලය මුහුදට විසිකළ බව ද ධීවරයා ප්රකාශ කර තිබේ.