ඩෙල්ෆ්ට් කාන්තාවන් දෙදෙනෙක් තරුණියක් මරා මුහුදට දාලා…

මරා දමා මිනිය ගෙනත් තියෙන්නෙ ත්‍රි රෝද රථයකින්... සී.සී.ටී.වී දර්ශනවලින් සියල්ලම හෙළි වෙලා....

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මන්නාරමේ සවුත්බාර් ප්‍රදේශයේ ලුණු ලේවායක් අසලින් මීට දින කීපයකට ඉහත හමු වූ කාන්තා මල සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ඇයව ඝාතනය කොට ඇති බවට සාක්කි සපයා ගෙන ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී මන්නාරම පොලීසිය විසින් 22 දා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
එසේ අත් අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන එක් අයෙකු මියගොස් ඇති කාන්තාවකගේ සහෝදරියක් වන අතර ඇය තවත් තැනැත්තියක් සමග මේ කාන්තාව ඝාතනය කොට ඇගේ සිරුර මුහුදට වීසි කොට ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
ඔවුන් දෙදෙනා මේ කාන්තාව මරා දමා ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් මළ සිරුර මුහුදට වීසි කළ බවට කාන්තාවකගෙන් තොරතුරු ලැබී ඇති අතර පොලීසිය ඒ පිළිබදව තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
ටෝරිකා ජුලියන් නැමති විසි එක් හැවිරිදි මෙම කාන්තාවගේ මළ සිරුර මන්නාරමෙන් පොලීසිය විසින් සොයා ගැනීමෙන් අනතුරුව කොළඹ සිට මන්නාරමට විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ මන්නාරමේ පොලිස් නිලධාරීන් සමග එක්ව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මන්නාරම සවුත් බාර් ලුණු ලේවායට ඔබ්බෙන් ස්ථාන කීපයක පිහිටි සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
අත් අඩංගුවට ගත මෙම සැකකාරියන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version