ඩෙන්මාර්කයේ හිටපු අමාත්‍යවරියක් සිරගෙට

ඩෙන්මාර්කයේ හිටපු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ඉගර් ස්ටෝෂ්බර්ග් හට එරට අධිකරණයක් විසින් සිරදඬුවම් නියමකර තිබේ.

ඒ අනුව අමාත්‍යවරිය සිය ධුරයේ කටයුතු කරන අවස්ථාවේදී ඩෙන්මාර්කයේ සරණාගතභාවය පතා පැමිණි යුවලක් වෙන් කිරීම සම්බන්ධයෙන් ඇයට දින 60ක සිර දඬුවමක් මෙලෙස නියමවී ඇත.

ස්ටෝෂ්බර්ග් 2015 සිට 2019 දක්වා කාලය තුල ඩෙන්මාර්කයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස කටයුතු කරනු ලැබීය. එම කාලය තුලදී ඇය විසින් ඉතා දැඩි ආගමන නීති හදුන්වා දීමට පියවර ගනු ලැබීය.


ඒ අනුව ඇය විසින් වයස අවුරුදු 18 අඩු විවාහක සරණගාතය භාවය පතා පැමිණෙන යුවලවල් වෙන් වෙන් වශයෙන් රඳවා තැබීමටත් සරණාගතභාවය පතා පැමිණෙන පිරිසගේ අභරණ ඇතුලු පුද්ගලික භාණ්ඩ රාජසන්ත කිරීමට අවසර ලබාදෙනු ලැබීය.

හිටපු අමාත්‍යවරියගේ මෙම නව ක්‍රියාමාර්ග හේතුවෙන් 2016 වර්ෂයේදී සරණාගතභාවය පතා සිරියාවේ සිට පැමිණි යුවලක් වෙන් කිරීමට පියවර ගෙන තිබිණි.

එහිදී අදාල යුවල විවාහ වී සිටියද එම බිරිදට වයස අවුරුදු 17 වීම හේතුවෙන් ඇයව වෙනත් ස්ථානය රැදවීමට ඩෙන්මර්ක බලධාරීන් පියවර ගෙන තිබේ. එහෙත් ඇය ඒවන විටත් ගැබ්ගෙන සිට ඇති අතර දෙදෙනාගෙන් වෙන්ව මාසය හතරක කාලයක් ගෙවීමට ඔවුන්ට සිදුව ඇත.

මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අදාල යුවල ඔම්බූස්මන්වරයට පැමිණි කර ඇති අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද පැවැත්විණි.

මේ අතර අදාල හිටපු අමාත්‍යවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලද අතර එහිදී ඇය පාරජයට පත්විය.

ඉන් අනතුරව ඇයට එරෙහිව දෝෂාභියෝග නඩු විභාගය පැවති අතර එහිදී විනිසුරුවරින් 26 දෙනෙකුගෙන් 25 දෙනෙකුම ඇය වරදකාරිය බවට තීරණය කර තිබේ.

නඩු තීන්දුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරිය සිය විමතිය ප්‍රකාශයට පත් කර ඇති අතර එහිද ඇය ප්‍රකාශ කර ඇත්තේ “මම මේ තින්දුව සම්බන්ධයෙන් පුදුමයට පත්වෙනවා. මෙහිදි පරාජය පත්වුනේ අපේ ඩෙන්මාර්ක වටිනාකම් කොහොම වුනත් මම මගේ හිස කෙලින් තබාගෙන මෙම දඬුවම විදින්න සූදානම්” යනුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් හිටපු ආමාත්‍යවරියට ඇපෑලක් ඉදිරිපත් කළ නොහැකි අතර ඇයට අදාල සිර දඬුවම අනිවාර්යෙන්ම විදීමට සිදුවේ.

Exit mobile version