ඩෙංගු රෝගීන් ලක්ෂ තුනක් ඉක්මවීමට නියමිතයි… සෞඛ්‍ය අංශ පුරෝකථනයක….

ශ්‍රියානි විජේසිංහ –                                                         

ඩෙංගු රෝගීන් ලක්ෂ 3ක් පමණ මෙවර වාර්තා විය හැකි බව  වෛද්‍ය අංශ අනතුරු අඟවා ඇතැයි කොළඹ  මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි සඳහන් කරයි.

එක් රෝගියෙකු හඳුනා ගන්නා විට තවත් රෝගීන් 10 දෙනෙකු  සමාජයේ සිටින බවට අනුමාන කළ හැකි යැයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ යැයි  හෙතෙම පවසා සිටියි.

මේ වසරේ මේ දක්වා කාලය තුල   ඩෙංගු රෝගීන් 30000ක් ඉක්මවාගොස් ඇති අතර  වාර්තා වූ රෝගීන්ගෙන් 25 දෙනෙකු මරණයට පත්ව ඇතැයි වෛද්‍ය විජේමුණි   පවසා සිටියි.

කොළඹ නගර සීමා බලප්‍රදේශය තුළ උණ වැලදුණු රෝගීන් 1337ක් දෙනා හමුවි ඇති අතර ඉන්  1138 ඩෙංගු උණ වැලදුණු රෝගීන් බව හදුනාගෙන ඇතැයිද හෙතෙම පැවසුවේය.


දින දෙකකට වඩා   උණ පවතින්නේ නම් වහාම රුධිර පරික්ෂාවක් කර එය ඩෙංගුද නැද්ද යන්න තහවුරු ගර ගන්නා ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම දරුවන් අතර රෝගය පැතිර යාමේ වැඩි නැඹුරුවක් පවතින බැවින් දරුවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්නැයි දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දිනවල පවතින ඩෙංගු තුන්වන ඛාන්ඩයේ වෛරයට ඔරොත්තු දිය හැකි ප්‍රතිදේහ මිනිස් සිරුර තුළ නොමැති බැවින් රෝගයට විශාල පිරිසක් ගොදුරු වීම වැලැක්විය නොහැකි යැයිද විශේෂඥයින් පෙන්වාදේ.       

Exit mobile version