ඩෙංගු රුධිර පරීක්ෂාවට සහ සම්පූර්ණ රුධිර පරීක්ෂාවට අද සිට උපරිම මිලක්

ඩෙංගු පරීක්ෂණය 1200යි - සම්පූර්ණ රුධිර පරීක්ෂාව රුපියල් 400යි

ඩෙංගු රෝගය සඳහා සිදු කෙරෙන ප්‍රතිදේහජනක පරීක්ෂාව සහ සම්පූර්ණ රුධිර පරීක්ෂාව අද දින සිට ක්‍රියාක්මක වන පරිදි පාලනය මිලකට යටත් කොට ඇති බව පාරිභෝගිතක කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව ඩෙංගි හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන විශේෂිත රුධිර පරීක්ෂණය වන NS1 ප්‍රතිදේජනක පරීක්ෂාව ( NS1 Antigen test) පරීක්ෂාව සහ වාර්තා සඳහා උපරිම මිල රුපියල් 1200ක් වන අතර සම්පූර්ණ රුධිර පරීක්ෂාව සහ වාර්තාව සඳහා ( Full Blood Count) රුපියල් 400ක උපරිම මිලක් නියම කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 20(05) වගන්තියට අනුව මෙම උපරිම මිල නියම කළ බව එම අධිකාරිය තවදුරටත් සඳහන් කරයි.


Exit mobile version