ඩෙංගු මර්දන ඒකකයේ නිල වෙබ් අඩවියේ දත්ත යාවත්කාලීන කිරීම පැහැර හැරලා

රාජකාරිය භාර දී තිබුණේ පෞද්ගලික අංශයට - වෙබ් අඩවිය ටෙලිකොම් එකට දෙන්න යයි

ශ්‍රියානි විජේසිංහ –

ඩෙංගු මර්දන ඒකකයේ නිල වෙබ් අඩවිය සඳහා දත්ත යාවත්කාලීන කිරීටමට භාර දී තිබූ පෞද්ගලික ආයතනය සිය රාජකාරීය නිසි ලෙස ඉටු නොකිරීම නිසා එම වෙබ් අඩවිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ සම්බන්ධකොට යාවත්කාලීන කිරීමට තීරණය කර ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න සඳහන් කරයි.

වෙබ් අඩවියා යාවත්කාලීන කිරීමට ලබා දුන් පෞද්ගලික ආයතනය එය නිසිලෙස සිදු නොකිරීම හේතුවෙන් අලුත් දත්ත වාර්තාවන් දැනගැනීමට නොහැකි වීමෙන් බොහෝ මාධ්‍යවේදින් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව ඇති බැවින් එම අපහසුතාව මගහරවා ගැනීමට ටෙලිකොම් ආයතනයට ලබා දීමට තීරණය කර ඇති බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මේ සම්බන්ධයෙන් ලංකාසර කළ විමසුමකදී පැවසුවේ ඩෙංගු මර්දන ඒකකය තුළ ‌වෛද්‍ය නිලධාරීන් 15ක පමණ සහ ප්‍රජා වෛද්‍ය නිලධාරීන් 4 දෙනෙකු පමණ සිටින බැවින් අදාළ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරිම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම මුදල් නිකරුනේ නාස්තියක් වන බවය.

Exit mobile version