ඩුබාහි සිට මාරවිලට කුඩු තොගය එව්වේ කවුදැයි හෙළි වෙයි

මාරවිල දී ඊයේ අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 300ක වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිට මෙරටට එවා ඇත්තේ දැනට මරණීය දණ්ඩනයට නියමිතව සිර දඬුවම් විඳින දෙමටගොඩ චමින්ද නැමැති අපරාධකරුගේ සමීපතම සගයකු ලෙස කලක් සිටි ජූඩ් නැමත්තා බව අනාවරණය වී තිබේ.

ඔහු 2015 වසරේදී ජූලි 31 වැනිදා කොළඹ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවාද වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මොහු පසුගිය කාලයේ අත්අඩංගුවට පත් වී රක්ෂිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර ඇප මත නිදහස ලබා පැමිණ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන තේවත්තේ චාමර නැමැති පුද්ගලයා සමඟ එක්ව තායිලන්තයේ බැංකොක් නුවරට ගොස් ඇත.


එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී ඇති ඔහු පසුව ඩුබාහි රාජ්‍යයට ගොස් එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රබලයකු බවට පත්ව සිටී.

ඇප ලබා සිටි අවස්ථාවේ හොර රහසේ මෙරටින් පිටව ගොස් අති ඔහු නඩු සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටින බැවින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුද නිකුත් කොට ඇති පුද්ගලයෙකි.

මේ වනවිට දෙමටගොඩ චමින්ද සමඟ අමනාප ව සිටි බවද අනාවරණය වන අතර මෙම කුඩු ජාවාරමේ එක් කොටස්කරුවකු ලෙස තේවත්තේ චාමර නැමත්තාද සිටින බව හෙළි වේ.

මෙම තේවත්තේ චාමර නැමැත්තේ පොලිසියේ කලකට පෙර සිටි ඉහලම පෙලේ නිලධාරියකුට කොළඹ නගරශාලා ආසන්නයේ සුඛෝපභෝගී නිවසක්ද ලබා දී ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීමක් කර ඇතත් එම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පවතින යම් යම් ගැටලුකාරී තත්ත්ව කිහිපයක් හේතුවෙන් ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ භාරගෙන නොමැති බව වාර්තා වන අතර සුරා බදු දෙපාර්තමේනතුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අදාළ පියවර ගෙන තිබේ.

Exit mobile version