ඉදිරි දින පහක කාලය තුළ ඩීසල් නිකුත් කිරීම් විශාල සීමාවක් සිදු කිරිමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
එ අනුව දිනකට සාමාන්‍යයෙන් නිකුත් කරන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4000 සිට දහස දක්වා සීමා කිරීමට සිදුව ඇති බවත් එයට හේතුව නොරච්චචෝලේ ගල් අඟුරු බලගාරය මෙගවොට් 275ක ධාරිතාවක් සහිත බලාගාරයක් අකර්මණ්‍ය වීම හේතුවෙන් ඩීසල් මඟින් විදුලි ජනනය වැඩි කිරිමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නිසා බව ඔහු පැවසුවේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විපකෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.
මේ වනවිටත් රට තුළ යම් ඩීසල් සංචිතයක් තිබුණත් දැනට පවතින පැය 3 හමාරක විදුලිය කප්පාදුව දීර්ඝ නොකර අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ඩීසල් භාවිත කිරීමට සෙසු කාරයයන්ට වඩා ප්‍රමුඛතාව දිය යුතු බවට ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් තීරණය කරනු ලැබ ඇති නිසා ඩීසල් සැපයීමෛ් අවුලක් සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේය.
මෙම ඩීසල් විදුලි ජනනය සඳහා ලබා දුනහොත් දිනකට පැය හතක අටක විදුලිය කප්පාදුවක් සිදුවිය හැකි බවත් එම තත්තවය කළමනාකරණය කිරීමට රජය ට සිදුව ඇතැයි ඔහු පැවසීය .මෙම තත්වය තුළ අනවශ්‍ය ලෙස ඩීසල් තොග රැස්කර නොගන්නැයි අමාත්‍ය විජේසේකර ජනතාවගෙන්ද ඉල්ලීමක් කළේය.
කෙසේ වුවද ප්‍රමාණවත් පෙට්‍රල් තොග මෙරට පවතින බවත් ඊයේ රාත්‍රියේ සිට ඉන්දියානු ණය ආධාර යටතේ ලද පෙට්‍රල් තොගයක් ගොඩබාමින් පවතින බවත් සඳහන් කළ අමාතයවරයා පෙට්‍රල් දෛනිකව ටොන් 3000ක් බැගින් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි පැවසීය.