ඩීසල් සහ ප්‍රෙටල් නෑ… එනවා කී ඩීසල් නැව අදත් නෑ… රටේ ඉන්ධන සංචිත හිඳෙයි….

රටේ ඩීසල් සහ පෙට්‍රල්  සංචිත සිඳී ගොස් ඇති ආකාරය කණගාටුවෙන් පවසන බව  සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත  පවසයි.

පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී  හිටපු බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේ  ඒ වනවිට පැවති ඩීසල් සංචිත ප්‍රමාණවත් නමුත් එම ඩීසල්වලින් සියයට 75ක් විදුලිබල උත්පාදන කාර්යය සඳහා මුදා හැර දෛනික පරිභෝජනයට වෙන් කරන්නට සිදුවන්නේ සියයට 25ක් පමණක් බවය.

කෙසේ වෙතත් මැයි 11 වනවිට ඩීසල් නැවක් පැමිණිමට නියමිත බව ඇමතිවරයා කීවේය. එහෙත් අද 14 දා වනවිටත් එම ඩීසල් නැව පැමිණ නැති බව වාර්තා වේ. එමෙන්ම ඉන්දීය ණය ආධාර යටතේ ලැබිය යුතු ඉන්ධන නැව් ද ප්‍රමාද වෙමින් ඇති බව ද ආනන්ද පාලිත පෙන්වා දෙයි.

ඉන්දීය ණය ආධාර යටතේ තව ඩීසල් තුනක් සහ පෙට්‍රල් නැව් 03ක්  ලැබෙන්නට නියමිතව ඇත. ඉන්දීය ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අද   ඩීසල් නැවක් ලංකාවට පැමිණීමට නියමිත වුවද  එය එන දිනය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර  මෙරටට ආනයන කරන ලද බොරතෙල් නෞකාවක් ණයවර ලිපි සදහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම මත සතියකට වැඩි කාලයක් තිස්සේ කොළඹ මුහුදේ නැංගුරම් ලා සිටී.

Exit mobile version