ඩයස්පෝරා සංවිධාන රැසක් තහනම්

ගෝලීය දමිළ සංසදය ඇතුළු විදේශිකව ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ දමිළ ඩයස්පෝරාවේ සංවිධාන ගණනාවක් තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

මෙසේ තහනම් කර ඇති සංවිධාන අතර බ්‍රිතාන්‍ය දමිළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දමිල කොංග්‍රසය, ජාතික කැනේඩියානු දමිළ මණ්ඩලය, දමිළ තරුණ සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් ද වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රෙගුලාසිවලට අනුකූලව මෙම තහනම පනවා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය මඟින්වන අතර ඊට අදාළ අනුමැතිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න විසින් ලබා දී ඇත.

මෙම සංවිධාන කලින්ද තහනම් කර තිබූ අතර පසුගිය රජය කාලයේදී මෙම සංවිධානවලට මෙරට කටයුතු කිරීමට තිබූ තහනම ඉවත් කරන ලදී. ආරක්සක අමාත්‍යංශය විසින් පුද්ගලයන් ගණනාවකටද මෙරට කටයුතු කිරීම තහනම් කර ඇත අතර ඔවුහු බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, මැලේසියාව වැනි රටවල ජීවත් වන දමිල පුද්ගලයෝ වෙති.


මේ පුද්ගලයන් අතර ගෝලීය දමලි සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන්ද වෙයි. පසුගිය රජය කාලයේ එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර සහ දෙමළ ජාතික සන්ධානය අතර ඩයස්පෝරාව සමඟ කළ සාකච්ඡාවලට සහභාගී වූ පුද්ගලයකු වන්නේ සුරේන් සුරෙන්දිරන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සම්බන්ධතා පැවති මෙම සංවිධාන සහ පුද්ගලයන්ගෙන් ජාතික ආරක්ෂාවට යම් අනතුරක් ඇති විය හැකිය යන කරුණ පදනම්ව මෙම තහනම ක්‍රියාත්මක කොට ඇත.

Exit mobile version