20ට පක්ෂව චන්දය දුන්න.. ඩයනා ඇතුළු විපක්ෂයේ 08 මෙන්න….

අද පාර්ලිමේන්තුවේදී වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු 8 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ලංකාසර අද උදෑසන වාර්තා කළ පරිදි ජාතික සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ ඊට පක්ෂව ඡන්දය ප්‍රකාහ කළ අතර ඇයට අමතරව මුස්ලිම් මන්ත්‍රීවරු හය දෙනෙක් සහ ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් මෙසේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අද උදෑසන සිට සියලුම දෙනාගේ උනන්දුව තිබුණේ විපක්ෂයෙන් විස්සට පක්ෂ මන්ත්‍රීවරු කවුදැයි සොයා ගැනීමටය. කිසිවෙක් ඒ පිළිබඳව වචනයක ඉඟියක් දී තිබුණේ නැත. මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධව බොහෝ දෙනෙක් ලොබියේ විවිධ කතා කීහ. ඩයනා ගමගේ මන්ත්‍රිවරියගේ ස්ථාවරය ගැන ඉඟි ලැබෙමින් තිබිණි.

එහෙත් ඩයනා ගමගේ අවසාන මොහොත වනතුරු පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියාය. ඡන්ද විමසීම සූදානම්වන අවසන් අවස්ථාවේ ඇය පැමිණ ඇයගේ අසුනේ අසුන් ගත්තාය. චන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව චන්දය ප්‍රකාශ කළාය.


ඒ අනුව 20 වැනි සංශෝධනයට පක්ෂ ව ඡන්දය ප්‍රකාහ කළ විපක්ෂ මන්ත්‍රිවරු අට දෙනා මෙසේ වෙති.

1. සජබ ජාතික ලයිස්තු මන්ත්‍රි ඩයනා ගමගේ

2. මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී නසීර් අහමඩ්

3. මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී ෆයිසාල් කාසිම්

4. මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එච්.එම් හාරිස්

5. මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එම්.එස් තව්ෆීක්

6. මුස්ලිම් ජාතික සන්ධාන මන්ත්‍රී ඒ.එස්.එම් රහීම්

7. සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී ඉෂාක් රහමාන්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


8. ජාතික සමගි ජන බලවේග මන්ත්‍රී අරවින්ද් කුමාර්

Exit mobile version