ටෙක්සාස් හි සාප්පු සංකීර්ණයකදී ළමුන් ඇතුළු 8කට මරු කැඳවූ ඝාතකයා හඳුනා ගනී

ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් හි සාප්පු සංකීර්ණයක ළමුන් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු ඝාතනය කළ ආයුධ සන්නද්ධ තුවක්කුකරු හඳුනා ගෙන තිබේ. ඔහු වයස අවුරුදු 33ක් වන මොරිසියෝ ගාර්ෂියා නම් වේ.

ඩලස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

ජනාධිපති බිඩෙන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය “අපේ ජාතිය විනාශ කරන නවතම තුවක්කු ප්‍රචණ්ඩ ක්‍රියාව” යනුවෙන් හැඳින්වීය.

ගාර්ෂියාට අන්ත දක්ෂිනාංශික සබඳතා පැවතිය හැකි බව ඔහු ඇඳ සිටි ඇඳුම්වලින් අදහස් කරන බව විමර්ශකයෝ පවසා සිටිති.


ඔහු AR-15 පන්නයේ රයිෆලයක් භාවිතා කළ අතර සටන් ආම්පන්න පැළඳ සිටි අතර ඇඳුමෙහි RWDS යන අකුරු සහිත පැච් එකක් එනම් “රයිට් වින්ග් ඩෙත් ස්කොඩ්” තිබීම නිසා ඔහු – නව-නාසි කණ්ඩායමක් යැයි විශ්වාස කෙරේ.

තුවක්කුකරු තම මෝටර් රථයෙන් වෙළඳ සංකීර්ණයක වාහන නැවැත්වීමේ ස්ථානයකින් බැස සාප්පු හිමියන්ට වෙඩි තැබීමට පටන්ගෙන තිබේ. ගාර්ෂියා සතුව අත් තුවක්කුවක් ද තිබූ අතර ඔහුගේ මෝටර් රථයේ තවත් ආයුධ සොයා ගන්නා ලදී.

සන්නද්ධ බැලිස්ටික් ආම්පන්න පැළඳ සිටි ගාර්ෂියාගෙන් පතොරම් කිහිපයක් සොයාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු ගෘහස්ථ ප්‍රචණ්ඩකාරී අන්තවාදීන්ට සහ සමාන අදහස් ඇති පුද්ගලයන්ට සම්බන්ධකම් පැවැත්විය හැකි දැයි යන්න පිළිබඳ හෝඩුවාවන් සොයමින් විමර්ශකයෝ සමාජ මාධ්‍ය සහ සබැඳි ගිණුම් ඔස්සේ සෝදිසි කරමින සිටිති.

 

Exit mobile version