ටී 56 කතාව… මත්තල ගුවන්තොටුපලේ වෙච්චි දේ සිවිල් ගුවන්සේවා අධිකාරිය  කියයි!

සූරියවැව නුවන් ජයසේකර –

ගුවන් සේවා අධිකාරියේ කිසිදු ඉහළ නිළධාරියෙකු දැනුවත් නොකර සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරියෙක් විසින් මත්තල ගුවන් තොටුපොල පරිශ්‍රය තුළට ටී 56 වර්ගයේ ගිනි අවියක් රැගෙන ගිය බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත   පවසයි.

මත්තල ගුවන් තොටුපොල තුලට එහි සිටි කිසිදු ආරක්ෂක නිළධාරියෙකුට හෝ උපකරණයකට හසු නොවන අයුරින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරියෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් මත්තල ගුවන් තොටුපොල තුළට රැගෙන යම පිළිබදව වාර්තා වු  සිද්ධියක් පිළිබදව අප කල විමසීමකදි ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත   මෙසේද පැවසීය.


“මත්තල ගුවන් තොටු පොල තුළට කිසිදු අයුරකින් ටී 56 වර්ගයේ ගිනි අවියක් කිසිදු නිළධාරියෙකු රැගෙන ගොස් නෑ. එය බොරුවක් .ඒ වගේ ඉහළ නිළධාරීන් දැනුවත් නොකර යම් ආරක්ෂක පරීක්ෂණයක් කළා කියන කතාවත් අසත්‍යක්. “

“ගුවන්තොටුපොලවල්වල ආරක්ෂාව පිළිබදව වගකියන්නේ මම. නිසි බළධාරියා විසින් ඒ පිළිබද බලය පවරලා තියෙන්නේ මට. ඒ අනුව ගුවන් තොටු පොලවල් තුළ නිසි පරිදි ආරක්ෂාව තිබේද යන්න පිළිබඳව බැලීමේ වගකිම තියෙන්නේ මට. ඒ නිසා අපි ගුවන් තොටු පොලවල් තුළ ආරක්ෂා පිළිබදව සොයා බැලිම සඳහා කෝවිඩ් ටෙස්ට් කියලා එකක් කරනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගුවන් තොටුපොලවල් තුළ ආරක්ෂාවට යොදවා සිටින නිළධාරින්ට එය හසු කරගැනීමට හැකිද නැද්ද යන්න පරික්ෂා කිරිමයි. ඒ අනුව අපි මත්තල ගුවන් තොටු පොල තුළත් යම් පරික්ෂණයක් සිදු කලා. එය මා විසින් සිදු කළේ මට පවරලා තියෙන බළතල අනුව නිසි බළධරයින් දැනුවත් කිරීමෙන් පසුවයි.

මෙවැනි කටයුතු සඳහා යොදා ගැනීමට අපි ලඟ   ගිනි අවියට සමාන ගිනි අවි තිබෙනවා. ඒවට අපි කියන්නේ ටෙස්ට් පීස් කියලා .එය පිස්තෝලයකට සමාන එකක්. ඒවයෙන් වෙඩි තියන්න බෑ. මේ වගේ පරීක්ෂණ කටයුතු සදහා පමණයි අපි යොදා ගන්නේ. මත්තල ගුවන් තොටු පොල තුළත් මා එවැනි ටෙස්ට් එකක් කලා. එය මා හොරෙන් නෙමේ කලේ. නිසි බළධාරීන් දැනුවත් කරලයි කළේ.

ඒ නිසා පැහැදිලිවම කියන්න තියෙන්නේ මත්තල ගුවනතොපොලේ සපයා ඇති ආරක්ෂාවේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සදහා සිවිල් ගුවන් සේවා අධිකාරීය විසින් කරනු ලබපු නිත්‍යානුකූල පරීක්ෂණයක් තමයි මත්තල ගුවන් තොටුපොල තුළ සිදු කලේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි කිසිදු නීත්‍යානුකූල නොවන කිසිදු දෙයක් වුනේ නෑ. කටුනායකත් මෙවැනි පරීක්ෂණ අප නිතර නිතර කරනවා යැයිද පැවසීය.

 

Exit mobile version