ටී.එන්.ඒ විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී…

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ විශේෂ රැස්වීමක් 19 දා පෙරවරුවේ කොළඹදී පැවැත්වේ.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාව්යි සේනාධිරාජා  පැවසුවේ මේ විශේෂ රැස්වීමේදී ප්‍රධාන කාරණා දෙකක් හා තවත් කරුණු කීපයක් පිළිබඳව සාකච්ඡා කරණ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවලියට ඇතුළත් කළ යුතු කරුණු සාකච්ඡා කොට ඒවා මූලිකව කෙටුම්පත් කිරීමත් මර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයට පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු යෝජනාවන් සාකච්ඡා කිරීම හා ඒවා කෙටුම්පත් කිරීම ප්‍රධාන කරුණු දෙක බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය.


Exit mobile version