ටී.එන්.ඒ මාධ්‍ය ප්‍රකාශක 22 දා නම් කෙරේ

දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක තනතුර සදහා අයෙකු පත් කිරීම 22 දා සිදුවන බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කොට තිබේ.

මේ තීරණය ගෙන ඇත්තේ කොළඹදී පැවති කමිටු රැස්වීමකදී වන අතර එම රැස්වීමට ප්ලොට් සංවිධානය නියෝජනය කරණ ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා සහභාගී වී නොමැත.


දෙමළ ජාතික සන්ධානය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙවර එම තනතුර හදුන්වන්නේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක වශයෙන්ද මාධ්‍ය ප්‍රකාශක වශයෙන්ද යන්න පිළිබදව තීරණයක් ගෙන නොමැති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙම තනතුර ලබාදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තුළ විශාල අර්බූදයක් හටගෙන ඇත්තේ එය සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාට ලබාදිය යුතු බවට ඉදිරිපත් වී ඇති ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානයේ කීප දෙනෙකුම
විරෝධය පලකොට තිබීම නිසාය.

Exit mobile version