ටී.එන්.ඒ කාටවත් ඕන විදිහට තහනම් කරන්න බෑ… සම්බන්ධන් වීරසේකරට උත්තර දෙයි..

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය එල්.ටී.ටී.ඊ.සංවිධානයේ පක්ෂයක් නොවන නිසා එය තහනම් කිරීමට හෝ ඊට කිසිදු අයෙකුට බලපෑම් කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඊයේ ( 6 ) උතුරේ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතු බවට අමාත්‍ය සරත් වීරසේකර  පලකොට ඇති අදහසක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.

සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මෙන්ම උතුරු පළාත් සභාවද තවත් පළාත් පාලන ආයතනද නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධකම් ගොඩනගා ගෙන ඇති පක්ෂයක් බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවැනි පක්ෂයක් තහනම් කිරීමට කිසිදු අයිතියක් කිසිවකුට නොමැති බව පවසන සම්බන්ධන් මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණ සිංහල දේශපාලන පක්ෂයක් නිසා එය තහනම් කිරීමට කතා නොකරණ පිරිස දෙමළ ජනතාව නියෝජනය කරණ පක්ෂය තහනම් කිරීමට කතා කරණ බවයි.

Exit mobile version