ටිපර් රථ රියදුරෙක් පියා සහ දරු දෙදෙනා මහ මග මරා දමයි….

වරදකාර ටිපර් රථ රියදුරා අනතුර සිදුකර පලා යයි... රියදුරා සොයා පලෙය් පොලිස් පරීක්ෂණ

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ පලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදී ටිපර් රථයක් හා මෝටර් රථයක් එකිනෙක මුහුණට මුහුණලා ගැටුණු අනතුරකින් පියකු හා පුතුන් දෙදෙනෙකු 26 දා රාත්‍රී මියගොස් තිබේ.

රාත්‍රී 9 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පලෙයි ධර්මකේණී ප්‍රදේශයේ වයස අවුරුදු 38 ක පියකු හා ඔහුගේ වයස අවුරුදු 14 හා 11 බැගින් වූ දරුවන් දෙදෙනාය.

දරුවන් දෙදෙනා අනතුර සිදුවූ ස්ථානයේ දීම මියගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරට හේතුව අධික වේගයෙන් පැමිණි ටිපර් රථය  රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මෝටර් රථයේ ගැටීම බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර අනතුරෙන් පසුව ටිපර් රථයේ රියදුරු පලාගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා පලෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version