ටැන්සානියාවේ සංචාරය කළ දූත පිරිසෙන් 02කට රටට ඇතුළු වී දිනකින් කොවිඩ් බව තහවුරු වෙලා…

සංචාරයේ නියැලි දූත පිරිස..

ලෝක බෞද්ධ සංවිධානයේ ඇරයුමකට අනුව ටැන්සානියාවේ සංචාරය කළ 33 දෙනෙකුගෙන් යුත් දූත කණ්ඩායමකට අයත් හිමිනමකට සහ ගිහි පුද්ගලයෙකුට රට තුළට පැමිණ දිනයක් තුළ කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා බරපතල තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ටැන්සානියාවට බුද්ධාගම හඳුන්වා දී වසර සියයක් පිරීම නිමිතිකොට ගෙන පැවති උත්සයවයකට සහභාගී වීම සඳහා මෙම දූත පිරිස මීට සති තුනකට පමණ පෙර ටැන්සානියාවට ගොස් ඇති අතර පෙරේදා (17) දිවයිනට පැමිණ තිබේ.

ගුවන්ගත වීමට පෙර ටැන්සානියා ගුවන්තොටුපලේ දී කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මේ පිරිසේ කිසිවෙක් කොවිඩ් ආසාදිත නොවන බව තහවුරු කිරීම නිසා පැය 72ක් තුළ කළ පී.සී.ආර්. පරීක්ෂණ තොරතුරු මත කටුනායක ගුවන්තොටුපලින් මේ කණ්ඩායම පරීක්ෂණයකට ලක් නොවී රට තුළට ඇතුළු වී තිබේ.


ඊයේ උදෑසන වනවිට දූත කණ්ඩායමේ සිටි  මහනුවර එක් ප්‍රසිද්ධ හිමිනමකට සහ ගිහි පුද්ගලයෙකුට මූලික රෝග ලක්ෂණ ප්‍රකට වීම නිසා ඔවුන් පුද්ගලිකව පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර තිබේ. එහිදී ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.

මේ වනවිට ඔවුන් දෙදෙනා නිරෝධායනය වෙමින් සිටියත් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන්වන මේ කණ්ඩායමේ ඉතිරි 31 දෙනා  දිස්ත්‍රික්ක 08ක් වෙත විසිර ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වැළඳී ඇත්තේ අප්‍රිකානු කලාපයේ ප්‍රමුඛව පැතිරීයන   ඔමික්‍රෝන් ප්‍රභේදයේ කොවිඩ් ආසාදනයක් ද, කණ්ඩායමේ අනෙක් පිරිස නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක පිහිටුවා ඇති ද යන්න පිළිබඳව සොයා බැලීමට මේ වනතුරුත් කිසිම ක්‍රමවේදයක් නොමැති බව වාර්තා වේ.

Exit mobile version