කෝටි ලක්ෂයක් කප්පම් ගන්න ගිය කප්පම්කරුවන් 23 තෙක් රිමාන්ඩ්

කප්පම් කරුවන් කප්පම් ගන්න කොළඹ සිට ඇවිත් තිබෙන්නෙ මහබැංකුවෙන් තොරතුරු ලැබිලා

දිනසේන රතුගමගේ –

වවුනියාවේ නෙලුකුලම කූමාංකුලම ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ඔහුගේ ගිණුමේ තිබූ ට්‍රිලියනයක මුදල කප්පම් වශයෙන් ලබා ගැනීම සදහා කොළඹ සිට වවුනියාවට පැමිණි සැකකරුවන් හය දෙනා මේ මස 23 වෙනිදා දක්වා බන්ධනාගාරගත කරණ ලෙස වවුනියාව දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා 17 දා නියෝග කොට තිබේ.

වවුනියාවේ පූවරසන්කුලම පොලීසිය විසින් අදාල සැකකරුවන් හය දෙනා සහ ඔවුන් පැමිණි මෝටර් රථ දෙක අත් අඩංගුවට ගෙන වවුනියාව පොලිසියට බාර දීමෙන් පසුව පොලීසිය අදාල සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

වවුනියාවේ කූමාංකුලමේ පදිංචිව සිටින කන්දසාමී සුමිත්‍රන් නැමති අයගේ බැංකු ගිණුමට විදේශරටකින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ට්‍රිලියනයක මුදලක් තැන්පත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන්  නිසි අයිතිවාසිකම් පෙන්වීමට හා මුදල් තැන්පත් කළ පුද්ගලයා ප්‍රකාශ කිරීමට ගිණුමේ අයිතිකරු අපොහොසත්වීම මත මහ බැංකුව එම මුදල ගිණුම් හිමියා වෙත නිකුත් කොට නොමැත.


මේ අතරවාරයේ මහ බැංකුවෙන් මේ තොරතුරු ලබාගත් සංවිධානාත්මක කණ්ඩායමක් කොළඹ සිට වවුනියාවට පැමිණ  ගිණුම්කරුගේ නිවසට ගොස් අදාල මුදල ලබාදීමට  කොළඹ යාමට අවශ්‍ය බව පවසා ඔහුව  මෝටර් රථයේ නංවාගෙන තිබේ.

සැකකරුවන් හය දෙනා සමග කාන්තාවක් සිට ඇති අතර ඇය මහ බැංකුවේ නිලධාරිනියක් වශයෙන් පෙනී සිට ඇත.

මෝටර් රථයේ යන අතරවාරයේ සැකකරුට මේ පිළිබදව මතු වූ සැකයක් මත  වවුනියාවේ පූවරසන්කුලම පොලිස් ස්ථානය අසලට පැමිණි විට උපක්‍රමශීලීව මෝටර් රථයෙන් බැස පොලීසිය වෙත දිව ගොස් මේ ගැන පොලීසියට දන්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පූවරසන්කුලම පොලීසියේ නිලධාරීන් අදාල සැකකරුවන් හය දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version