ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රතිඑල නඩු මහාධිකරණයෙන් දෙවරක් හරවා යවයි

අමෙරිකානු ඡන්ද විමසීම අවසන් වී පැය 12 කටත් අඩු කාලයකදී පරාජය හමුවේ සිටින ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඡන්ද ප්‍රතිඑල අභියෝගයට ලක් කරමින් නඩු මාලාවක් ගොනු කර ඇත.

පෙන්සිල්වේනියාවේ නඩු ගොනු විමසා බැලූ විනිසුරුවන්, එය දැනටමත් දෙවරක් මහාධිකරණය විසින් ආපසු හරවා යවා ඇත.

ඒ තහවුරු කළ සාක්ෂි නොමැති බව පවසමිනි.


ඔහු විස්කොන්සින්හි සහ වෙනත් ප්‍රාන්තවල නැවත ගණන් කිරීම්වලට අමතරව, තැපැල් ඡන්ද පත්‍රිකා ගණනය කිරීම නැවැත්වීම සඳහා නිර්මාණය කර ඇති නඩු මාලාවක් ගොනු කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරණයේ පෙන්සිල්වේනියාවේ ඡන්ද ගණන් කිරීම සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව සම්බන්ධයෙන් ෆෙඩරල් උසාවියේ නඩු දෙකක් ගොනු කර ඇති ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යන බවට තර්ජනය කරයි.

රිපබ්ලිකන් පක්ෂයේ වත්මන් ජනාධිපතිවරයා දෙවන ජනාධිපති ධුර කාලය සඳහා වූ අවස්ථාවන් ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් ලෙස මෙලෙස නීතිමය පියවර ගෙන තිබේ.

මෙවර ජනපති තරඟය ශ්‍රේෂ්ධිකරණය විසින් තීරණය කරනු නොලැබෙන බව එරට වාර්තා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රතිඑල නිකුත් වීමට ඇත්තේ තවත් ප්‍රාන්ත 5ක පමණි.

Exit mobile version