ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

Sajith Premadasa

රටේ ප්‍රශ්න විසඳන්නට ට්‍රිලියනයක් මුදල් අච්චු ගැසීමට සිදුවන බව රජය ප්‍රකාශ කරන බවත්, ඒ මුදල් අච්චු ගසන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නට දැයි සැකයක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නියෝජිත පිරිසක් අද (27) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනුණි.

මහජන බැංකුවටත් ලංකා බැංකුවටත් පොලු තැබූ ධන කුවේරයින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුව මුදල් අච්චු ගසන්නට යන්නේ ඔවුන්ගේ ණය කපා දැමීමට දැයි සැකයක් මතුවන බව ද පැවසීය.

මෙලෙස  මුදල් අච්චු ගසන විට ජීවන වියදම 40% පනින බව පැවසූ විපක්ෂ නායකවරයා, එයින් ද පීඩාවට පත් වන්නේ අහිංසක අසරණ ජනතාව බවද පැවසීය.

පෝලිම්වල සිටින ජනතාව එයින් මුදවාලන්නට කල්පනා නොකරන පාලකයින්, මේ රටේ ආබාධිත ප්‍රජාවට අවශ්‍ය කරන අවම සම්පත් ටික හෝ ලබා දෙන්නට කල්පනා නොකරන පාලකයින් ධන කුවේරයන්ට සහ දේශපාලකයින්ට සහන සැලසීමට නම් කල්පනා කරන බව පැවසීය.

දුක් විඳින, පීඩා විඳින පොඩි මිනිසාට වන්දි ලබා දීම් ගැන කිසිවෙකු කතා නොකරන නමුත්, දේශපාලනඥයන්ට වන්දි ටික බෙදාගැනීම වෙනුවෙන් සියලු දෙනා පෙනී සිටින බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ආබාධිත ප්‍රජාව සුරක්ෂිත කරනු ලබන ප්‍රඥප්තිය තමන් ජනාධිපතිවරණ සමයේ දී ඉදිරිපත් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ඒකාන්තම එය ඉදිරියේදී ක්‍රියාවට නංවන බවත් එය සමාජ වගකීමක් බවත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

ආබාධිත ප්‍රජාව සුරක්ෂිත කරනු ලබන ප්‍රඥප්තිය තමන් ජනාධිපතිවරණ සමයේ දී ඉදිරිපත් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ඒකාන්තම එය ඉදිරියේදී ක්‍රියාවට නංවන බවත් එය සමාජ වගකීමක් බවත් පැවසීය.

Exit mobile version