ඤාණක්කාගේ – එස්.එම්. චන්ද්‍රසේනගේ  වැවේ බැන්ද හෝටල්වලට ගිනි…

ඤාණ මෑණියන්ගේ නිවස ගිනි ගන්නා අයුරු...

අනුරාධපුර විශේෂ –

ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා, හමුදාපතිවරයා, දියවඩන නිලමේවරයා  ඇතුළු රටේ ඉහළම ප්‍රභූ නායකත්වට අධ්‍යාත්මික උපදේශනය සැපයූ කේ.ඤාණවතී හෙහොත් ඤාණක්කා නුවරවැව වැව් රක්ෂිතයේ ආරක්ෂක අංශය යොදවා ඉදිකල බව කී හෝටලයත්, ඇයගේ නිවසත්  ප්‍රකෝප වූ පිරිස් විසින් ඊයේ ගිනි බත්  කර ඇත.

කෙසේ වෙතත්   ඇයගේ දේවාලයට හානි  සිදුකර  නැත.

එමෙන්ම එස්.එම්. චන්ද්‍රසේන විසින්  මාතලේ හන්දිය කුරුන්දන්කුලමේ  නුවර  වැව් රක්ෂිතයේ නීති විරෝධීව ඉදිකළ හෝටලය සහ ඔහුගේ නිවසත් ගිනි තබා ඇත.  මෙම හෝටලය නිසා වැවේ උපරිම ජල මට්ටම අඩුකිරීමට කළ උත්සාහය ප්‍රදේශයේ ජනතාවගේ දැවැන්ත අප්‍රසාදයට ලක් විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ශෙහාන් සේමසිංහ ගේ අනුරාධපුර ගුවන්තොටුපල පාරේ නිවස සහ චන්න ජයසුමනගෙ අනුරාධපුරයේ නිවස ගිනි තබා ඇත.

Exit mobile version