මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ලංකා සතොසට අයත් ලොරියක් සහ අනෙකුත් වාහන අයථා ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කුරුණෑගලදී ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ මුදල් විශුද්ධිකරණය, පොදු දේපළ පනත යටතේ වැරදි, රාජ්‍ය දේපළ අවභාවිතය සහ සාපරාධී අවභාවිතය ඇතුළු චෝදනා යටතේය.
එම චෝදනා යටතේම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ දිගටම සිදුවන බව පොලිසිය පවසයි.







