ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු…..

මේ වනවිට යෝෂිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායම    රටවටින්ම දහස් ගණනක් අරලියගහ මන්දිරය තුළට ගෙන්වා ඇත. විශේෂත්වය වන්නේ    හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මේ පිරිස මරණය සඳහා කැඳවාගෙන යන ආකරයට අවේග කුළු ගන්වමින් කරන කතාවය.   

ඔහුගේ මුළු කතාව තුළම ඇත්තේ මේ රැස් කළ පිරිස ආවේග ගන්වන බිහිසුණු අරමුණක් බව පෙනෙන්නට ඇත. ඔහු  අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂණය කුඩු කරන බව ඒ කතාවේ දී  ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ නොමැති ආණ්ඩුවක් හැදුවොත් රට තුළ මහා විනාශයක් ඇති කරන බව පැවසුවේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මෙවැනි අවස්ථාවක රටක කිසිම වගකිවයුතු දේශපාලකයෙක් නොකරන ආකාරයට ලංකාවේ සිව් දෙසින් රැස් කළ පිරිසගේ   අවේගය අවුලුවමින් කරන අශිෂ්ට කතාව මහා විනාශයක් සඳහා කරන සැලුමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඒ කතාවය

Exit mobile version