ජෛව බුබුල කඩාගෙන අයාලේ ගිය ක්‍රීඩකයන් 03 ලංකාවට… දින 14ක් නිරෝධායට යොමු කෙරේ…

එංගලන්ත සංචාරය අතර ජෛව බුබුල කඩාගෙන අයාලේ ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාවූ උප නායක කුසල් මෙන්ඩිස්, කඩුළු රකින නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හදිසියේ යළි කැඳවීමට ගත් තීරණය ප්‍රකාරව අද කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය.

ඔවුන් ගුවන්තොටුපලේ දීම දින 14ක නිරෝධායනයක් සඳහා යුද හමුදාවට භාර දුන් බව ගුවන්තොටුපල ප්‍රකාශකයෙක් පැවසීය.

අද දහවල් 1.15ට පමණ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට මෙරටට පැමිණ යූ.එල්. 504 දරන ගුවන් යානයෙන් ඔවුන් තිදෙනා මෙරටට රැගෙනවිත් තිබේ.


පසුව ඔවුන් තිදෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා ගුවන්තොටුපලේදීම යුද හමුදාව භාරයට පත් කර ඇත. අනතුරුව ඔවුන්ව මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



නිරෝධායනය සඳහා වැය වන වියදම මෙම ක්‍රීඩකයන්ගේ පුද්ගලික මුදලින් අය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Exit mobile version