ජෙමිනිඩ් උල්කා වර්ෂාව අද රෑ ඇදහැළෙයි

සෑම වසරකම දෙසැම්බර් මාසයේදී දැකිය හැකි වන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට උපරිම වශයෙන් ක්‍රියාත්මක වන අතර අද (13) රාත්‍රී එය පැහැදිළිව දැක ගත හැකි බව තාරකා විදයාඥයෝ පවසති. එ අනුව අද රාත්‍රී 11 සිට පසුදා අළුයම දක්වා මෙය දක්නට හැකි බව ඔවුන්ගේ අදහසයි. මේ පිළිබඳව තාරකා විද්‍යා අධ්‍යයන කවයේ සමීර සී රත්නායක මහතා පළ කළ සටහනක් අපි මෙසේ පළකරමු.

උල්කාපාතයක් ඇතිවන අයුරු

අභ්‍යවකාශයේ ඇති දුහුවිලි හෝ කුඩා පාෂාණ කැබැල්ලක් පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී වේගයෙන් පෘථිවියට ඇදී එන විට ගිනි ගනී. මෙවිට එය උල්කාපාතයක් ලෙස හඳුන්වනු ලැබේ. මෙසේ ගිනි ගැනීමට හේතුව එම පාෂාණ හෝ දූවිලි අංශුව පෘථිවි වායුගෝලය හා වේගයෙන් ගැටීම නිසා ඝර්ෂණය හේතුකොටගෙන අධික උෂ්ණත්වයකට පත්වීමයි. මෙම වස්තුන් සෙල්සියස් අංශක 3000 ක පමණ උෂ්ණත්වයකට පත්වන බැවින් පෘථිවි පෘෂ්ඨයට වැටීමට පෙරම ඉහළ වායුගෝලය තුළදී දැවී අළු වී යයි. මෙය අපට නම් ඉතා චමත්කාරජනක දර්ශනයකි.


උල්කාපාත විවිධ වර්ණයෙන් දිස් වන්නේ ඇයි?

මෙසේ දැවී යන පාෂාණ කැබලි විවිධ වර්ණයන්ගෙන් යුක්ත වන බව ඔබ අහස නිරීක්‍ෂණය කරන්නෙක් නම් හොඳින් දන්නවා ඇත. උල්කාපාත නිරීක්‍ෂණයට ආධුනික වූ ඔබට උල්කාපාත වර්ෂාවන් නිරීක්‍ෂණ කිරීමෙන් විවිධ වර්ණයෙන් යුත් උල්කාපාත දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එයට හේතුව මෙම පාෂාණ කැබලි තුළ අන්තර්ගත වී ඇති විවිධ මුලද්‍රව්‍ය ය. උදාහරණයක් ලෙස ලිතියම් මූලද්‍රව්‍ය අන්තර්ගත උල්කාපාතයක් ඉහළ අහසේ දැවී අළු වී යන විට රතු වර්ණයෙන් දිස් වේ. ගිනි කෙළි සංදර්ශන සඳහාද මූලිකව යොදා ගන්නේ මෙම න්‍යායයි. එනම් මල් වෙඩිල්ලක් විවිධ වර්ණයෙන් දිස්වීම සඳහා මල් වෙඩිල්ල තුළට විවිධ මූලද්‍රව්‍ය අන්තර්ගත කොට ඇත.

ගල් කැබලි අභ්‍යවකාශයේ දී සූර්යයා වටා හෝ පෘථිවිය වටා හෝ ගමන් ගනිමින් තිබෙන විට එය ග්‍රාහක (Asteroid) ලෙසින් හැඳින්වේ. මෙවැනි ග්‍රාහක කැබැල්ලක් කුඩා වැලිකැටයේ ප්‍රමාණයේ සිට මීටර් කිහිපයක විශාලත්වයෙන් යුතු ගල් කැබල්ලක් දක්වා විශාල වනු ඇත. එය පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවියට ඇදී එමින් පවතින විට ඉහළ වායුගෝලයේ දී දහනය වීම ආරම්භ වන විට උල්කාපාත (meteor) ලෙසින් හැඳින් වේ. යම් හෙයකින් පෘථිවි වායුගෝලය තුළදී දැවී විනාශ වීමට නොහැකි වී පෘථිවිය මතට පතිත වූ විට එය අප උල්කාශ්මය (meteorite) ලෙසින් හඳුන්වයි.

උල්කාපාත වර්ෂාවක් ඇතිවන අයුරු

වල්ගා තරුවක් සූර්යයා වටා ගමන් කිරීමේදී වල්ගාතරුවේ වලිගයේ අඩංගු දුවිලි අංශූන් වල්ගාතාරුව ගමන් ගත් මාර්ගයේ තැන්පත්ව පවතී. එම දූවිලි සහිත වල්ගාතරුවක ගමන් මාර්ගය, පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමේදී ජේදනය වන විට එම දූවිලි අංශූන් පෘථිවියට ඇදී ඒමේදී වායුගෝලය හා ගැටීම නිසා උණුසුම්ව දහනය වීම උල්කාපාත වර්ෂාවක් ලෙස අපට දිස්වේ. මේ වනවිට සක්‍රීයව පවතින ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ඇති වන්නේ සුර්යයා වටා දින 523.6ක වතාවක් පරිභ්‍රමණය වන 3200 Phaethon නම් පාෂාණමය ග්‍රාහකය නිසාය. මෙම ග්‍රාහකය කිලෝමීටර 5.6ක විශාලත්වයකින් යුක්තය.

උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන අයුරු

මෙම නිරීක්ෂණය සදහා කිසිදු දුරේක්ෂයක් හෝ දෙනතියක් භාවිතා කිරීමට අවශ්‍ය නොවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් ඔබ විසින් කළ යුතු වන්නේ උල්කාපාත වර්ෂාව පවතින රාශිය හා ඒ අවට ඇති අනෙක් රාශීන් හඳුනා ගැනීමයි. මේ සඳහා ඔබ තාරකා සිතියමක් භාවිත කළ යුතුය.

Exit mobile version