ජීවිත සතුටින් තැබීමට හෙද හෙදියන්ට විශේෂ පුහුණුවක්

පළමු පුහුණුව අද මොරටුව සර්වෝදයේදී

බෝ නොවන රෝග වළක්වා ගැනීම සහ බෝ නොවන රෝග වලින් පීඩා විඳින්නන්ට රෝගය පාලනය පිළිබඳ දැනුම ලබා දී ඔවුන්ගේ ජීවිත සතුටින් ගත කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබාදීමට හෙද හෙදි කණ්ඩායමකට විශේෂ පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව පළමු හෙද කණ්ඩායම වෙනුවෙන් දින 05 ක නේවාසික පුහුණු සැසිය අද (10) පෙරවරු 09.00ට මොරටුව ,සර්වෝදය මූලස්ථානයේදී ඇරඹේ.

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණය බඳවාගෙන ඔවුන් ක්ෂේත්‍රයේ බෝ නොවන රෝග වැලැක්වීමේ රාජකාරි වෙනුවෙන් අනුයුක්ත කරන තෙක් ඈතිවී තිබෙන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටදිවයින පුරා රෝහල්වලින් හෙද කණ්ඩායම් තෝරාගෙන ඔවුන්ට මෙම පුහුණුව ලබා දී සේවයේ යෙදවීමට බලාපොරොත්තු වෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් 150 කට වැඩි සංඛ්‍යාවක ප්‍රථමයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

Exit mobile version