ජීවන්ත පීරිස් පියතුමා ඇප මත නිදහස්!

Jeevantha-Peris

කීර්ති ප්‍රනාන්දු –

අද දහවල් 12 ට පමණ නීතිඥයෙක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වුණ ජීවන්ත පිරිස් පියතුමා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය හෙට දින (13)  කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට  ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළේය.

අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජූලි මස 09 වෙනිදා අයුතු ලෙස ඇතුල් වී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන සම්බන්ධයෙන් ජීවන්ත පීරිස් පියතුමා සැකකරුවකු ලෙස නම්කර ඇතැයි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පියතුමා වෙනුවේන අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.


Exit mobile version