ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ    සැලසුම ගැන අපි අවධානයෙන්… කතෝලික පූජකවරු 1640කගේ අත්සනින් නිවේදනයක්!

ජනපති රනිල් පත් වූ පසු මර්ධනය වැඩි වුනා... අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නොව අරගයට හේතු වූ කරුණු සොයන්න.....

කීර්ති ප්‍රනාන්දු –

ජන අරගලයට  සක්‍රීයව දායක  වී ජනතාව දැනුම්වත් කරමින් සිටි ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බව දන්වමින් කතෝලික පූජක තුමන්ලා, සහෝදරවරු සහ කන්‍යා සොයුරියන් 1640ක ගේ අත්සනින් යුතු විශේෂ නිවේදනයක් අද නිකුත් කර තිබුණේය.

තමන් ද මෙම ජන අරගලයේ කොටස්කරුවන් බව පවසන එම පියතුමන්ලා ඇතුළු පූජ්‍ය පිරිස එම නිවේදනයෙන් දක්වා සිටින්නේ අරගලයට සම්බන්ධ වූ පිරිස අත්අඩංගුවට ගෙන මර්ධන ක්‍රියාවලියක් දියත් කිරීම නොව, එම ජන අරගලයට හේතු වූ කාරණා සොයා ඒ්වට පිළිතුරු සැපයීම බවය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පත් වූ පසු විරෝධතා මර්ධනය වැඩිවූ බවද  හදිසි නීතිය පැනවීම මගින් භාෂණයේ නිදහස හා රැස්වීමේ නිදහස මර්ධනය කර, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැඩි වී ඇති බව ද  එම නිවේදන‌යේ සඳහන් වේ.

තමන්ද   සහාය දක්වන මෙම ජන අරගලයට  සහෝදර පුරවැසියන්ගෙන් ද අනෙකුත් රාජ්‍යයන් හා ජාත්‍යාන්තර සංවිධානවලින් ද      ඉල්ලා සිටින බවත් මෙම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කතෝලික පූජකතුමන්ලා ඇතුළු පූජ්‍ය පිරිස නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version