ජිනීවා යෝජනාවලියෙන් ලංකාව පැරදීම දෙමළ දේශපාලන පක්ෂ ලද ජයග්‍රහණයක්.

 එකතු වී වැඩ කළොත් යුද අපරාධ සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර  පරීක්ෂණයක් ලබා ගත හැකියි… ටී.එන්.ඒ කියයි….

දිනසේන රතුගමගේ –

ජිනීවා යෝජනාවලින් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම දෙමළ දේශපාලන පක්ෂ ලද ජයග්‍රගණයක් බවත් මේ රටේ දෙමළ ජනයාට මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි අසාධාරණයක් සිදුවන බව තේරුම් ගැනීමට මෙය අවස්ථාවක් බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරන් සරවන බවන්   යාපනයේදී මාධ්‍යවේදීන් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ හා දෙමළ ජනතාව බලාපොරොත්තු වූ යෝජනාවලින් විශාල ප්‍රමාණයක්  ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් අතහැර දමා තිබුණද ඉදිරිපත් වූ යෝජනාවලින් දෙමළ ජනතාවට සිදුවන අසාධාරණකම් හා ඔවුන් සම්බන්ධයෙන් සිදුවන මානව හිමිකම් ගැන තීන්දු තීරණ ගැනීමට ශ්‍රී ලංකා රජයට මෙය කදිම අවස්ථාවක් බවත් ඔහු කියා සිටියේය.


මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට එම යෝජනාව ඉදිරිපත්  කළ ප්‍රධාන රටවල් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් එම රටවල් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට අනාගතයේදී බලපෑම් ඇති කළ යුතු බවත් සරවන බවන් හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජිනීවා යෝජනාවන් එක් පැත්තකින් දෙමළ දේශපාලන පක්ෂ වල හා දෙමළ ජනතාවගේ බලාපොරොත්තු කඩවීමක්  වූවත්  දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එකතු වී තවත් බලපෑම් ඇති කරන්නේ නම් ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ලබාගෙන දෙමළ ජනයාට සාධාරණ විසඳුමක් ජාත්‍යන්තරයෙන් ලබා ගත හැකි බවද ඔහු මෙහිදී පැවසීය.

Exit mobile version