ජාන විකෘතිබවට සැක කොවිඩ් සාම්පල් 14ක් කොළඹ නගර සභා ප්‍රදේශයෙන්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාන විකෘති සැක සහිත සාම්පල 14ක් කොළඹ නගර සභා ප්‍රදේශය ආශ්‍රිතව හදුනා ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කරයි.

ඩෙල්ටා ප්‍රභේදය පැතිර ගිය කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් 25 දෙනෙකුගෙන් ලබා ගත් සාම්පල ඇසුරින් මෙම ජාන විකෘතිතා සහිත සැක කළ හැකි සාම්පල 14 සොයාගෙන ඇතැයි ඔහු පැවසීය.

කෙසේ නමුත් මෙම ජාන විකෘතිතාවන් ඩෙල්ටා ප්‍රභේදයද නැතිනම් වෙනත් ප්‍රභේදයක්ද යන්න පිලිබදව කිව හැක්කේ ජාන අනුක්‍රමික විශ්ලේෂණයන් මගින් පමණක් බැවින් මේ වන විට එම විශ්ලේෂනයන් ආරම්භ කර ඇති බවත් අප කළ විමසුමකට පිලිතුරු දෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ .ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

විකෘති ප්‍රභේද දැයි සැක කළ හැකි සාම්පල ලබා ගත් කොළඹ ප්‍රදේශ පිලිබඳව මේ වන විට වැඩි අවදානයක් යොමුකළ යුතු බවත් එම ප්‍රදේශයන් හී පැතිර පවතින ප්‍රභේදයන් වෙනත් ප්‍රදේශයන් කරා ව්‍යාප්ත වීමට තිබෙන ඉඩකඩ හැකි පමණ අසුරා තැබිය යුතු යැයිද ආචාර්ය ජීවන්දර කීවේය.

Exit mobile version