ජානකී සිරිවර්ධන ඇප මත නිදහස්… ඇප ලද ප්‍රියමාලි එක් නඩුවකට යළිත් ඇතුලට…

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් බිලියන ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි  තිළිණි ප්‍රියමාලීට සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  අද අවසර දුන්නේය.

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,50,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එහෙත් එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බැවින්  තිළිණි ප්‍රියමාලි ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජානකී සිරිවර්ධනට එරෙහි චෝදනා තුනටම එක් නඩුවකට රුපියල් 50,000 බැගින් 1,50,000.00 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කළේය.


 

Exit mobile version