සුමිත් පොතුපිටිය –
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ඉදිරිපිට අද (13) කළුතර දිස්ත්‍රික් ඩෙංගු මර්ධන සහයකයින් කූඩාරමක් සකස් කර එහි මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී.
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල රැසකින් ඩෙංගු මර්ධන සහයකයින් මේ සදහා සහභාගීවී සිටියහ.
පෙරදින සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සේවය ස්ථිර කරන ලෙස උපවාසය ආරම්භ කර ඇති බව ඔවුහූ පවසති.