දිනසේන රතුගමගේ
මෙවර යාපනය නාගදීපයේ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය ඉතා අඩු බැතිමතුන් පිරිසකගේ හා දැඩි සෞඛ්‍ය නිර්දේශයන් මත පැවැත්වීමට තීරණය කළ බව යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් අද ( 2 ) පැවසීය.
දිසාපතිවරයා පැවසුවේ බුද්ධ සාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණය ගත් බවයි.
මැයි 23 සිට 28 දක්වා යාපනයේ නාගදීපයේ පැවැත්වීමට නියමිත ජාතික වෙසක් උත්සවය ඉතාම සාමකාමීව හා චාම්ව පැවැත්වීමටද මෙහිදී තීරණය කළ බවත් සිදු කළ යුතු සංවර්ධන කටයුතු පහසුකම් සැපයීම ප්‍රවාහන කටයුතු වැනි දේ එක් එක් පාර්ශ්වයන්ට මේ සාකච්ඡාවේදී බාරදුන් බවත් යාපනය දිසාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.