ජාතික රෝහලේ රොගීන්ගේ අහඹු නියැදි පරීක්ෂණයකින් ආසාදිතයන් 23ක් වාර්තා වේ…

නතාෂා නෙත්මිණි  –                                                         

කොළඹ ජාතික රෝහලේ  නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් අහඹු ලෙස ඊයේ (27) දිනය තුල සිදුකළ පීසීආර්  පරික්ෂණයන් වලදි පුද්ගලයින් 23 දෙනෙකු වෛරසයආසාදනය වූ බවට තහවුරු වී ඇතැයි රෝහග් ආරංචි මාර්ග සදහන් කරයි.

වෙනත් රෝග සදහා මොවුන් ජාතික රෝහලට ඇතුලත් වූ බවත් ඔවුන් ප්‍රතිකාර ලබා සුව වූ පසුව නිවෙස් වෙත පිටත් කර හැරීමට පෙර අහඹු ලෙස තෝරා  පීසීආර් පරික්ෂණයන් සිදු කිරීමේ වැඩ පිළිවෙල පසුගිය සතියේසිට ආරම්භ කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී පීසීආර් පරික්ෂණ වාර්තාවන් ලැබෙන තෙක් මෙම රෝගීන් නිවෙස් වෙත  පිටත්කිරීමට නොහැකි බවත් මේ හේතුවෙන් අලුතින් ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ව ඇතුලත්කර ගැනිමේ නොහැකි තත්ත්වක් මතු ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය.


Exit mobile version