ජාතික රෝහලට චර්ම බැංකුවක්… පිිලිස්සුණු රෝගීන් ගේ ජීවිත බේරා ගැනීම ඉලක්කයයි…

සම් ගන්නේ ජාතික රෝහලේ චර්ම ප්‍රදානයට ලියාපදිංචි වුණු මිය ගිය රෝගීන්ගෙන්...

නතාෂා නෙත්මිණි –                                              

බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කරන රෝගීන් ට බද්ධ කිරිම සදහා සම නොමැති වීමෙන් ඔවුන් මිය යන බැවින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින්  කොළඹ ජාතික රෝහලේ චර්ම බැංකුව ස්ථාපිත කිරිමට පියවර ගත් බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය  විශේෂඥ (පුහුණු ) රන්දිල් ප්‍රබෝධ අල්විස්  සඳහන් කරයි.

පසුගිය මාසය තුළ කොළඹ ජාතික රෝහල වෙත බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇතුළත් කළ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය අතර බද්ධ කිරිම සඳහා සම තිබුණේ නම් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවන බවද පැවසීය.

මියගිය පුද්ගලයින්ගෙන් ලබා ගන්නා සම ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ අධිශීතකරණයන් තුළ ගබඩාකර ‌රෝහල්ගතවන බරපතල පිළිස්සුම් රෝගීන්ගේ අවශ්‍යතාව මත ශල්‍යකර්ම මගින් එම සම බද්ධකිරීම් සිදුකරන බව වෛද්‍යවරයා සඳහන් කළේය.


මෙසේ මියගිය පුද්ගලයින්ගෙන් සම ලබා ගැනීමට මිය ගිය පුද්ගලයා කලින් තමන්ගේ “සම” පරිත්‍යාග කිරීමට  ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේ ලියාපදිංචි වී  තිබිය යුතුය‍. එසේ නොමැති නම් මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත මත ඔහුගේ සම ලබා ගත හැකි බවද හෙතෙම අවදාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයිනේ සෑම රෝහලකටම අතුළත් කරන බරපතල පිළිස්සුම් රෝගීන් ඇතුළත් කරනුයේ කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයට බවත් එම ඒකකය භාර ප්ලාස්ටික් විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායකගේ මගපෙන්වීම යටතේ සියලුම සැත්කම් සිදුකරන බවද වෛද්‍ය රන්දිල් පවසා සිටියි.

 

Exit mobile version